තිළිණි ද සිල්වා
මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධී ලෙසින් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහදැරූ ලාංකික සරණාගත කාන්තාවක ඉන්දියාවේ රාමේෂ්වරම් වෙරළ තීරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය ඒ.එන්.අයි.පුවත් සේවය අද (26) වාර්තා කළේය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තිරුචි ප‍්‍රදේශයේ පිහිටි සරණාගත කඳවුරක රැඳී සිටි ශ්‍රී ලාංකික කාන්තාවකි.
මෙම කාන්තාව තිරුචි පිහිටි සරණගාත කඳවුරෙන් පැනවිත් තැරැව්කරුවෙකු මාර්ගයෙන් මුදල් ගෙවා අද අලූයම් කාලයේ බෝට්ටුවකින් ශ්‍රී ලංකාවට පළා යෑමට උත්සාහ දැරීමේදී රාමේෂ්වරම් වෙරළ තීරයේ සිටින රේගු නිලධාරීන්ට මේ පිළිබඳ වාර්තා වීමෙන් පසුව ඇයව අත්අඩංගුවට ගෙන ඇතැයිද සඳහන් වේ.
ඇය එලෙස පලා යෑමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් කරුණු කිසිවක් ඉන්දීය ආරක්ෂ අංශ හමුවේ ප‍්‍රකාශ කර නැති බවද වාර්තාවේ.
අත්අඩංගුවට පත් එම ශ්‍රී ලාංකික කාන්තාව වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සඳහා රාමේෂ්වරම්හි තන්ගච්චිමඩම් ප‍්‍රදේශයේ රඳවා තැබීමට රේගු බලධාරීන් පියවර ගෙන ඇති අතර රාමනාදපුරම් රේගු කාර්යාල බලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

