අවුරුදු තුන හමාරක හා දහතුනක දරු දෙදෙනා හැර දමා රට රැකියාවකට යාමට තැත් කළැයි බලන්ගොඩ කාන්තාවක අනුරාධපුර ප‍්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇගේ දහතුන් හැවිරිදි පුත‍්‍රයා, නැඟණිය ද සමඟ බලංගොඩ පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම කාන්තාව සොයා අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල විදේශ රැකියා ඒජන්සියක් මඟින් ඇය විදේශ ගත වීමට උත්සාහ දරා ඇති අතර ඒ සඳහා ව්‍යාජ ලේඛණ උපයෝගි කර ගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
ඇයට පවුල් පසුබිම් වාර්තාව සකස් කර දුන් බව කියන බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කාර්යංශයේ නිලධාරිනිය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇතැයි කාර්යංශය කියයි.