(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය.)
තලෙයිමන්නාරම මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරත ව සිටි බව කියන ඉන්දීය ධීවරයන්15 දෙනෙකු ඔවුන් පැමිණි බහුදින යාත්‍රා දෙකක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ධීවරයන් 15 දෙනා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මන්නාරම කාර්‍යාලයට ඊයේ භාරදුන් බවනාවික හමුදාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම ධීවරයින්ගේ ආරක්ෂාව පතා සහ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා මන්නාරම මූලස්ථාන පොලිසියට භාරදුන් බවධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මන්නාරම කාර්යාලයේ නිලධාරියෙක් කීය.

