(යොහාන් භාසුර)
ජාතික ගමනා ගමන කොමිසමේ බලපත්‍රයක් නොමැතිව මගීන් ප්‍රවාහනය කළ බස් රථ 15 ක් කොළඹ සහ හඹරණ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
පොලිසිය සමඟ ඒකාබද්ධව කළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බස් රථ අධිකරණයට ඉදිරිපත් කළ බවත් එම බස් රථ උතුර සහ නැගෙනහිර පළාත්වලට ධාවනය කළ බස් බවත් ඒ මහතා කීය.
කොළඹ සිට මන්නාරම, යාපනය සහ ත්‍රිකුණාමලය ආදි ප්‍රදේශවලට මෙම බස් රථ ධාවනය වෙමින් තිබූ බව ද කී තිලාන් මිරැන්ඩා මහතා නීති විරෝධීව ධාවනය කරන මෙවැනි බස් රථ හසුකරගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක කරන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

