(ගයාන් සූරියආරච්චි)
නීති විරෝධීව කන්ටේනර් රථයකින් මෙරටට රැගෙන ආ කෝටි 4ක් පමණ වටිනා මොන්ටීරෝ ජීප් රථයක් සමග හෝටල් සමූහයක කෝටිපති ව්‍යාපරිකයෙක් ඊයේ (11) පැලවත්ත, ජපන් මිත්‍රත්ව පාර අසලදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු හිටපු ජනාධිපතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු සහ මහර ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයකු ලෙස ද කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇත.
අත්අඩංගුවට ගත් මෙම මෝටර් රථයේ ලියාපදිංචි අංකයෙන්ම විදුලි කාර් රථයක් 2018 වර්ෂයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර 2019 වර්ෂයේදී ද එම අංකයෙන්ම මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද මෝටර් රථයක් තලංගම ප්‍ර දේශයේ ධාවනය වන බවට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම ජීප් රථය වලාන මධ්‍ය දූෂණ ප්‍රහාරක බළකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.