හොරු පංසලේ සඳුන් ගහ කපා හිස් අතින් යති


ගලගෙදර වෑත්තෑව ශ්‍රී ශාස්ත්‍රාලෝක පිරිවෙනේ අඩි 25ක් පමණ උසැති සදුන් ගස මහ රෑ කපා ඇතත් සොරුනට ගස ගෙන යෑමට නොහැකි වී ඇත.

ගස බිම වැටෙන ශබ්දය ඇසී විහාරාධිපති තුම්පනේ ප්‍රධාන සංඝනායක වෑත්තෑවේ ශ්‍රී ධම්මාලංකාර නාහිමියන් අවදිවීම නිසා සොරුන්ගේ උත්සාහය වැළකී ගියේය.