සයිරන් නළා පිඹගෙන පාරේ වාහන ඈත් මෑත් කරමින් පොලීස් වාහනයක් අද උදේ ඇල්පිටියේ බැංකුවකට පැමිණියේය.
පොලීසියට සංඥා වී ඇත්තේ බැංකුවට හොරු පැන ඇති බවයි.
ඒත් හොරුන් පැන නැතැයි පොලීසිය කියයි.
බැංකුවත් පොලීසියත් සම්බන්ධ සංඥා පද්දතියේ යම් දෝෂයක් ඊට හේතු වන්නට ඇතැයි දැනගන්නට ඇත.

