හොරිවිල පාරම්පරික කැඩුම් බිදුම් වෙදගෙදර හා උතුරු මැද පළාත් සභාව එක්ව නව ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ‘හොරිවිල ගම ගෙදර‘ පාරම්පරික සංචාරක හෝටලය සහ දේශිය වෛද්‍ය මධ්‍යස්ථානය අද (11) විවෘත විය.
පාරම්පරික හොරිවිල වෙදදුරු ශාන්ත සෙනවිරත්න මහතා ඊට මුල්විය.
දේශිය ආයුර්වේද පංච කර්ම නේවාසික ප්‍රතිකාර සංචාරකයන්ට පැරැණි ගම්මානයක ජීවත් වන පරිසරයක නිවාඩුවක් ගත් කිරීමට ආදී ගැමි කෙම් ක්‍රම හේන් ගොවිතැන් ,පැල් රැකීම් , ආදී දෑ අත්දැකීම් ලබා දීමටද‘හොරිවිල ගම ගෙදර‘ අරමුණ වන බව සෙනවිරත්න මහතා කියයි.
මෙහි ඇති කාමර පැරැණි පොල්අතු මැටි ගෙවල් ක්‍රමයට තනා ඇති අතර දිය නෑම සදහා ගස්වලින් ජලය එන ක්‍රමයට සකසා ඇත.
හොරිවිල වැව ඉස්මත්තේ හේන් ගොවිතැන් පිහිටි ස්ථානයක මෙය පිහිටීමද විශේෂත්වයකි.
හබරණ අනුරාධපුර මාර්ගයේ පලුගස්වැව හොරිවිල දුම්රියපොළ මාර්ගයේ හොරිවිල වැව අසල මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත.