කුරුණෑගල රෝහලේ දීපා අමරසේකර විශේෂඥ වෛද්‍යවරියගේ ජී පී එස් චන්ද්‍රිකා තාක්ණය සහිත අයි ෆෝනය කඩවත කුරුණෑගල බසයකදී සොරකම් කර පැය අටක් යන්නට පෙර කුරුණෑගල පොලීසිය විසින් සොයා ගැනිණි.
ඇගේ අයි ෆෝනයේ වටිනාකම රුපියල් ලක්ෂයකි.
එහෙත් දුරකතනය සොරකම් කළැයි කියන පුද්ගලයාගේ දියණියගේ අන්ධ භාවයත්, මවගේ පිළිකා රෝග තත්ත්වයත් සැලැකිල්ලට ගත් වෛද්‍යවරිය ඔහුට දඩුවම් කරනු වෙනුවට එම දෙදෙනාට ප්‍රතිකාර කිරීමට පියවර ගත්තාය.
ජී පී එස් තාක්ෂණය ඇති දුරකතනයක් ඇති තැන හෝ එය පාවිච්චි කරන පුද්ගලයා සිටින තැන සොයා ගැනීම ඉතා පහසු කාර්යයකි.