හොරාට හෙනහුරා ලබයි


හොරෙක් අද (7) සවස වේයන්ගොඩ වදුරව නිවසකට වහලෙන් බැස්සේය. ගෙහිමියෝ හොරා දුටහ.

කලබල වූ හොරා ගෙයින් පැන්නේය. අත තුබූ පිහිය ළෙල වමින් දුම්රිය පාරේ දිව්වේය. ගැමියෝ ද ඔහු ලුහු බැන්දාහ. පිරිසක් රේල්පාරේ දුවනු  ඈත සිටම දුටු මහනුවර-කොළඹ අන්තර් නගර දුම්රිය රියදුරා දුම්රිය නතර කර ගත්තේය.

හොරා පිහියත් සමග දුම්රියට නැග්ගේය.

පිහිය පෙන්වමින් දුම්රිය ධාවනය කරන්නැයි කෑගැසුවේය. ඒත් රියදුරා එසේ ඔහුගේ අණ පිළිපැද්දේ නැත.

ඔහු ඇල්ලීමට ආ පිරිස ඔහු නිරායුධ කර දුම්රියෙන් බස්සවා ගත්හ. පිහිය ද රන් පැහැ කාන්තා අත් ඔරලෝසුවක් ද සමග ඔහු වේයන්ගොඩ පොලීසියට බාර දීමට ඔවුනට හැකි විය.