හොරාගෙ අම්මත් අල්ලයි


ඩුුුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි තිස්තුන් ලක්ෂයක්  වටිනා රන් ආභරණ පාර්සලයක් සපත්තු මේස් තුළ සගවාගෙන  ගුවන්තොටුපලෙන් පිටකිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ගුවන්තොටුපළේ රාජකාරියේ නියුතු රේගු නිලධාරියෙකු පිළිබද  විශේෂ විමර්ශණයක් අරඹා ඇති බව  රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.

 කිලෝග්‍රෑම් තුනකට ආසන්න බරකින් යුතු වු එම රන් ආභරණ තොගය පසුගිය  27 වෙනිදා කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 29 හැවරිදි තරුණයෙකු විසින් මෙරටට ගෙනවිත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ එදින රාජකාරියේ නියතුව සිටි  සැකකාර රේගු නිලධාරියාට බාර දී ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

රේගු නිලධාරියා විසින් රන්  ආභරණ පාර්සලය තම කකුලේ මේස් අස්සේ සගවාගෙන පැමිණීමේ පර්යන්තයට   යමින් සිටියදී  එය  බිමට වැටීම නිසා මෙම වංචා සහගත සිද්ධිය අනාවරණය වු  බව රේගුව කියයි.

පසුව කරන ලද විමර්ශණ වලින් අනතුරුව  ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටි කලූමුණේ තරුණයාද අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව දෙදෙනාවම   වැඩිදුර විමර්ශණ කටයුතු සදහා රේගු  විමර්ශණ ඒකකය වෙත බාර දී  ඇත.