ජුඩ් සමන්ත සහ ඔගස්ටින් ප්‍රනාන්දු
පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් කාන්තාවක් බිය කර ඇයගෙන් හිස් කොලයකට අත්සන් ලබා ගත් බව කියන තරුණයකුව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - කන්ජික්කුලිය, දේවාල වත්ත පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු හලාවත දිනපතා පොලේ එළවළු අලවි කරන්නෙකු ලෙස කටයුතු කළ අයෙකි.
හලාවත - මල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින කාන්තාවක් විසින් පොලීසියට සිදු කර ඇති පැමිණිල්ලකට අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පැමිණිළිකාර කාන්තාවගේ නිවසට ගොස් පෙනී සිට ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියකු ලෙසය.
නිවසට පැමිණි සැකකරු විදේශ ගත වී සිටින තම සැමියා මීගමුව ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැළක් බිඳ ඇති බවත් එය තමන් දන්නා බවත් සඳහන් කරමින් ලිපියක් ලබා ලෙන ලෙස ඉල්ලා ඇත.
කාන්තාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවත් පසුව බලහත්කාරයෙන් ඇයගෙන් හිස් කොලයකට සැකකරු විසින් අත්සන් ලබා ගෙන ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත කාන්තාව සිද්ධිය පොලීසියට දැනුම් දීමට කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.