සාමාන්‍ය ඇඳුමින් සැරසුණු තිදෙනකු සමග පොලිස් පරීක්ෂකයකු වෙසින් කලගෙඩිහේනේ ව්‍යාපාරික නිවසකට ඇතුළුවූ කොල්ලකල්ලියක් රුපියල් අට ලක්ෂයක රන් අබරණ ද, රුපියල් 30,000ක්ද පැහැරගෙන ගොස් ඇතැයි නිට්ටඹුව පොලීසියට පැමිණිලි කර ඇත.
දෙමටගොඩ පොලීසියෙන් යැයි පවසා ව්‍යාපාරිකයා හා බෑනා කාමරයකට දමා වසා මේ කොල්ලය සිදු කර ඇත.
‘පොලිස් පරීක්ෂක‘ අත පිස්තෝලයක් වැනි අවියක් ද තිබූ බව කියයි.
පොලීසියෙන් යැයි කියමින් නිට්ටඹුව පොලිස් වසමේදී සඳුදා අළුයම පොලී මුදලාලි කෙනෙකු පැහැරගෙන ගොස් රුවන්වැල්ලේ මරා දමා තිබිණි.