මහරගම පන්නිපිටිය ධනවත් නිවසකින් රුපියල් ලක්ෂ පනහකට අධික රන් භාණ්ඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් මහරගම පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.
ඔහු පුද්ගලික සමාගම් දෙකක ඉහළ නිල දරන යුවළකගේ දෙමහල් නිවසේ තිබී මෙම රන් බඩු සොරාගෙන ඇත්තේ නිවසේ සෑම ස්ථානයකම සවි කැර ඇති ආරක්ෂක කැමරා මෙන්ම නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සවිකැර තිබියදී බවත් ලෙහෙසියෙන් පිටස්තර අයකුට නිවසට ඇතුළු විය නොහැකි බවත් කියති.
අතුරුදන් වු භාණ්ඩ අතර ධනවත් කාන්තාව මෙතෙක් පරිහරණය නොකළ රන් භාණ්ඩ රන් භාණ්ඩ ද වන බව පොලිසිය කියයි.
ඇයගේ ඇඳුම් පැළැදුම් හා රන් භාණ්ඩ පමණක් එම නිවසේ වෙනම කාමරයක තිබී ඇතැයිද පොලීසිය පවසයි.එම කාමරයට කාන්තාවක් පැමිණ තැති ගැන්මෙන් පිටවන අයුරු ආරක්ෂිත කැමරාවක සටහන් වී ඇති බවත් පොලිසිය කියයි.