මහියංගනය නගරයේ රසකැවිලි කඩයක් උදෑසන විවෘත කර බලන විට එහි යම්කිසි කොල්ලයක් සිදු වු ස්වරූපය දිස් විය. ලාච්චුද විවෘත කර මුදල් සොරාගෙන තිබු හොරා පැය 1 1/2 කඩේ රැඳී සිට ඇත. දොරෙහි ඉබි යතුරු නොකඩා මෙම සොරකම සිදු කළේ කෙසේද යන්න පිළිබඳ වෙළෙදසලේ හිමිකරුට ගැටලුවක් විය. පසුව සීසීටීවී කැමරා දර්ශන නැරඹීමෙන් පසු සොරා පහසුවෙන්ම හඳුනා ගත හැකිවිය.
ඒ සොරා නගරයේ නිතර ගැවසෙන රිළවෙකි. රසකැවිලි කා පිරිසිදු පානීය ජල බෝතලයක්ද කඩා පානය කර යෝගට් කොප්පයකද රස බලා අනතුරුව මුදල් සේප්පුවද විවෘත කර එහි වු මුදල්ද සීසීකඩ විසි කර ඇත. අලුයම හිමිකරුවන් පැමිණිමට පෙර පැය 1 1/2ක් පමණ ඒ තුළ රැඳී සිටිමින් මෙම සොරකම රිළවා විසින් සිදු කර ඇති අතර වෙළෙඳ සේවකයන් වෙළඳසල විවෘත කිරිමේදි එහි කිසිවෙකු සිට නොමැති අතර රාත්‍රි සොරුන් පැමිණ ඇති බවක් දිස්වි ඇත.






