හොරණ දැරියගේ ප්‍රශ්නය දුර දිග යයි


පාසලේ තීන්ත ගෑමට මුදල් සෙවීම සඳහා පොල් අහුලන්නට ගොස් හොරණ දැරියකට උසාවි යන්නට වූ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාට අද උපදෙස් දුන්නේය.

පාසල්  නඩත්තු කටයුතු වෙනුවෙන් මුදල් ගැනීම ගැන සොයා බලීම මේ පරීක්ෂනයේ එක් අරමුණකි.

එවැනි දේ සඳහා මුදල් එකතු කිරීම චක්‍රලේඛ මගින් තහනම් කර ඇත. යළිත් සියලු පාසල්වලට චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ද ජනපතිට කියා ඇත.