හොරණ බටුවිටින් බ්‍රහස්පතින්දා පැහැරගත් බව කියන ලෝචන දුලංජ(9) දරුවා හිමිනමක් සමඟ සැකපිට අනුරාධපුරයේදී අත් අඩංගුවට ගනු ලැබීය. ජේතවනාරාමය අසලදී දරුවාත් හිමිනමත් සොයාගැනීමට රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ ස්ථානාධිපති සමත් විය. දරුවාට බයිසිකලයක් මිලට ගෙන දෙන බව කියමින් හොරණදී දරුවා රැගෙන ගිය බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඡායාරූපය - සිරි මහබෙල්ලන
ඡායාරූපය - බිමල් ශයාමන් ජයසිංහ



