හොරණ තක්‍ෂිලා කඩුලූ 6 ට 237 යි
හොරණ තක්‍ෂිලා විදුහල සහ පිළියන්දල මැදි මහ විදුහල අතර හොරණදී අද (16) ආරම්භ වූ 12 වැනි ‘රයිගම් - සල්පිට කෝරළ හටන’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගයේ පළමු දිනය අයහපත් ආලෝකය හේතුවෙන් අත්හිටුවන විට තක්‍ෂිලා විදුහල පළමු ඉනිම සඳහා කඩුලූ 6 ක් දැවී ලකුණු 237 ක් ලබා සිටියේය.
හෙට (17) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
තක්‍ෂිලා විදුහල ඕවර 74 කදී කඩුලූ 6 ට 237 (ඩිල්ෂාන් ධනුෂ්ක 56, චමිත් ජනංජය නොදැවී 63, රොෂාන් දුමින්ද 75, ළහිරු හේෂාන් 66/3)

