හොරණ කම්හලේ ගෑස් කාන්දුවෙන් තවත් අයෙක් මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)

 

හොරණ වගවත්ත ප්‍රදේශයේ රබර් කිරි කර්මාන්ත ශාලාවකට රැගෙන ආ ඇමෝනියා ගෑස් අඩංගු සිලින්ඩරයක් පිපිරීමෙන් බරපතල තුවාල ලබා හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු දින පහකට පසු මිය ගිය බව ඉංගිරිය පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් තිබුණේ කහවත්ත අංක දෙක කොටස පදිංචිව සිටි සදා සිවම් සමන් කුමාර (24) යන අයයි.

මිය ගිය තරුණයා ඉකුත් 14 වැනි දා සිට පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

මෙම සිද්ධියෙන් ඉකුත් 18 වැනි දින ද  පුද්ගලයෙකු මිය ගිය බව පොලිසිය පවසයි.