පසුගිය මාස 4 ක දී සෞදි අරාබියේ අනවසරයෙන් විවිධ රැකියා කළ විදේශිකයින් ලඬ දෙකකට වැඩි පිරිසක් මෙරටින් පිටුවහල් කළ බව සෞදි අරාබියේ සෞදි ගැසට් පුවත්පත වාර්තා කරයි.
ගමන් බලපත්‍ර අධ්‍යඬ ජනරාල් කාර්යාලයේ වාර්තා වලට අනුව නියමිත ලිපි ලේඛන නොමැති දෙලඬ එක් දහස් තුන්සිය පනහක විදේශිකයින් ප්‍රමාණයක් මෙම කාල සීමාව තුල දී පිටුවහල් කර ඇත. මෙම පිරිස අතර මෙරටට හොර රහසේ පැමිණ සිටින අය මෙන්ම අදාල කාල සීමාව ඉක්මවා කාලය දීර්ඝ නොකර සිටි විදේශිකයින්ද සිටි බව වාර්තාවේ.
මෙම සියළුම පිරිස් මෙරටින් පිටුවහල් කිරීමට පෙර ආරඬක අංශ වෙනත් නීති විරෝධී කටයුතු වල නියලී නැති බව සනාථ වීමෙන් පසු පිටුවහල් කර ඇති බවට වාර්ථා කරයි.
පුවත් පත වැඩි දුරටත් පෙන්වා දෙන්නේ සෞදියේ පවත්වාගෙන යන සියළුම ජාතිකයින් වැඩි ශ්‍රමිකයන් ව බඳවා ගැනීම මෙහි අරමුණ බවත් නීති්‍යානුකූල ලිපි ලේඛන නොමැති කිසිදු විදේශිකයකු සඳහා නවාතැන් සහ රැකියා ලබා දීම් ද~ුවම් ලැබිය හැකි වරදක් බවත්ය. සෞදි අරාබියේ වෙසෙන විදේශිකයන්ගේ ප්‍රමාණය මිලියන 10ක් වන අතර එම ප්‍රමානය මිලියන 3 දක්වා අඩුකරන බවද පුවත්පත පෙන්වා දෙයි.
මේ අනුව තම භාරයේ සිටින විදේශික ශ්‍ර්‍රමිකයකු වෙනත් හාම් පුතකු යටතේ රැකියාවල යෙදවීමද කිසිදු නීතියානු කූල අයිතියක් සේවා දායකයාටද නොලැඛෙන අතර ශ්‍රමිකයනට මෙන්ම සේවා දායකයාටද නීති මගින් ද~ුවම් ලබා දීමට සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන බව එම පුවත් පත වැඩිදුරටත් පවසයි. තම සේවා දායකයාගෙන් බැහැරව රැකියාවේ නියැලෙන ශ්‍රමිකයින් වෙත ප්‍රවාහන පහසුකම් සහ අනකුත් රැකවරණය ලබා දෙන අයටද නීති මගින් කටයුතු කර ද~ුවම් ලබා දෙන බවද පුවත් පත වාර්තා කරයි.