හොර ෆේස්බුක් වැහි වැහැලා


අන්තර්ජාලය සම්බන්ධ සිදුවීම් 150 ක් ජනවාරි මාසයේදී වාර්තාවී තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සැකසීම මෙම සිදුවීම්වලට බහුලව අඩංගුවී ඇත. ෆේස්බුක් ගිණුම් පෞද්ගලික අනන්‍යතාවය සුරකින ආකාරයට සකස් කර නොතිබීම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සැකසීමට ප්‍රධාන හේතුවක් වී ඇත.