හොර ෆේස්බුක් ගිණුම් හදා තර්ජනය කරලා


ව්‍යාජ ෆේස්බුක්   ගිණුම් භාවිත කරමින් මිනිසුන්ට තර්ජනය කළ බව කියන සැකකරුවකු අත්අඩංගුව ගන්නැයි කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (26) ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

 ධනුක ලක්මාල කුරේ නැමැති එම සැකකරු ව්‍යාජ  කාන්තා ෆේස්බුක් ගිණුම් සකසා ධනවත් පුද්ගලයන් සමඟ මිත්‍රකම් ඇති කරගනිමින් ඔවුන්ට තර්ජනය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරු මෙරටදීත් ඉන් පිටදීත් මෙම කටයුතුවල නිරත වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ජනවාරි හත් වැනිදා සැකකරු රටින් පිටවී ගොස් අති බවට තොරතුරු ලැබුණ බව දැනගත් බවත්, ඔහු ලංකාවට එද්දී හෝ ලංකාවෙන් පිටවෙද්දී අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.