හොර හරකුන් පටවාගත් ලොරියක් පොලිස් අණ නොතකා ධාවනය කරද්දී අද අළුයම අම්පාර දමන එක්ගල්ඔය දී ටයර් වලට වෙඩි තබා අල්ලාගත් බව පොලීසිය කියයි. ඒ සමගම එතැනින් මියුගුණ හන්දිය දෙසට හරකුන් පටවාගත් තවත් ලොරියක් පොලිස් අණ නොතකා ධාවනය කරද්දී පාරේ ගසක හැපී රියදුරා තුවාල ලැබීය. සැකකරුවෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. දෙදෙනකු පලාගිය බව පොලීසිය කියයි. මේ අනතුරින් තවත් ලොරියකට ද හානි සිදුවිය. හරකුන් අක්කරේපත්තුවට ගෙන යමින් තිබූ බව පොලීසිය කියයි.