ව්‍යාජ ඇමරිකා මුදල් නෝට්ටු තොගයක් සමඟ පකිස්තාන ජාතිකයින් දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන්තොටුපොළ පොලිස් මත් ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් වයස අවුරුදු (33) සහ (67) වියැති බව එම නිලධාරීහු කියති.
මොවුන් දෙදෙනා ළඟ ඇමරිකා ඩොලර් දහ අටදහසක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තිබී සොයා ගෙන ඇත. එහි වටිනාකම රුපියල් ලක්ෂ විසි පහකි.
ඔවුහු ව්‍යාජ මුදල් මෙරටට ගෙනවිත් මාරු කරන ජාවාරමක සාමාජිකයෝ බවට සැක කරති.
මොවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 184 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.
පොලිස් මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් කරනු ලබන මුලික විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් නෝට්ටු ඒකකය වෙත බාරදීමට නියමිතය.

