හොර සල්ලි සමග හිමි දෙනමක් සැකපිට


රුපියල් 2000 හොර නෝට්ටු පනස් පහක් සමග වලස්මුල්ලේ හිමි දෙනමක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මේ දෙදෙනා ත්‍රීරෝද රථයකින් ගොස්  කඹුරුපිටියේ කඩ 27කින් හොර සල්ලි මාරු කළ බවට පොලිසියට තොරතුරු ලැබී අැත.

කඩ 16කින් හොර නෝට්ටු සොයා ගත් බවත්, හිමි දෙනම මිද්දෙනියේ හා බණ්ඩාරගම පදිංචි කරුවන් බවත්, ත්‍රීරෝද රියදුරකු ද අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.