හොර සල්ලි සමග ගෑණු තිදෙනෙක් සැකපිට


රුපියල් දහසේ හොර නෝට්ටු  පහලොවක් සහ රුපියල් පන්දහසේ හොර නෝට්ටුවක් වත්තල පෞද්ගලික බැංකුවකට තැන්පත් කිරීමට ගෙන ආ කාන්තාවන් තිදෙනෙකු හා පිරිමියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් කැළණිය, බොරැල්ල හා වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් බව සොයාගෙන ඇත.