හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණියට දුලාංජලී ජයතිලක රුපියල් විසි ලක්ෂයක හොර සල්ලි දුන් බව කියන ඇඟළුම් විධායකයාගේ ලැප්ටොප් පරිගණකය, බැංකු ගිණුම් හා කම්හල සෝදිසි කිරීමට රහස් පොලිසියට දන්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ලැප්ටොප් පරිගණකය හා ප්‍රින්ටරය පරිගණක විශේෂඥයන්ට පෙන්වා එයින් ඊට පෙර ද හොර සල්ලි මුද්‍රණය කර ඇත්දැයි සොයා බැලීමට පොලිසියට උපදෙස් දී ඇත.
ඔහුගේ බැංකු ගිණුම්වල ඇති මුදල් ගැන සොයා බැලීමට නියමිතය.

