හොර සල්ලි ගැසීයැයි 8ක් සැකපිට


පරිගණක යන්ත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර භාවිත කරමින් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළේයැයි සැකපිට ගොකරැල්ලෙන් හා නෙල්ලිඅඩි ප්‍රදේශයෙන් සැකකරුවෝ අට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

ගොකරැල්ලෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු දෙකක්, 1000 නෝට්ටුවක් සහ ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 16ක් තිබුණු බවත් පොලිසිය කියයි.

නෙල්ලි අඩි පොලිසියෙන් අත්අඩංගුවට ගත් කණ්ඩායමේ ප්‍රධාන සැකකරු අවුරුදු 17ක ළමයකු බව ද පොලිසිය පවසයි.

පරිගණක යන්ත්‍ර සහ මුද්‍රණ යන්ත්‍රද පොලිස් භාරයට ගෙන තිබේ.