හොර වෙදාට වරෙන්තු


අධිකරණයේ පෙනීසිටීම මගහරින සුදුසුකම් නොමැති ව්‍යාජ වෛද්‍යවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අලුත්කඩේ මහෙස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා වරෙන්තු නිකුත් කළේය.

තෙවරක් අධිකරණය හමුවේ  පෙනී සිටීම මඟහැර ඇති තොටළග පදිංචි විපුල බණ්ඩාර නැමැත්තකුට මහේස්ත්‍රාත්වරයා මෙලෙස වරෙන්තු නිකුත් කළේය.

මත්ලෝලීත්වය අඩු කිරීමට බව පවසමින් මත්ලෝලීන්ට ඖෂධ නිකුත් කළ බව කියන මෙම  සැකකරු  වෛද්‍යවරයකු ලෙස පෙනී සිටියත් ඒ සඳහා සුදුසුකම්  නොමැත්තකු  බව පරීක්ෂණවලින්  අනාවරණය කැරගෙන තිබිණි.

මෙම සැකකරු හා ඔහු සන්තකයේ තිබුණු ඖෂධ රැසක් ජාතික සුවඳවිලවුන් හා ඖෂධ අධිකාරිය විසින්  අත්අඩංගුවට ගෙන ප්‍රධාන ඖෂධ  සහ ආහාර පාලක අමිත් පෙරේරා විසින් ඒ සම්බන්ධ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කැර තිබිණි.