ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන 300ක් පමණ ඇතැයි ද, හොර වෛද්‍යවරුන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දහතුනකම විසිරී සිටින බව ද ‘සියණෑ වෛද්‍ය සංසදය‘ කියයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිව සිට මියගිය වෛද්‍යවරුන්ගේ එම ලියාපදිංචි අංක හොරට භාවිත කරමින් ඇතැම් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවත්, ඇතැම් හොර වෛද්‍යවරුන් උපාධි ඇතැයි බොරු පුවර ප්‍රදර්ශනය කර ඇති බව ද සියණෑ වෛද්‍ය සංසදයේ සභාපති වෛද්‍ය අජිත් දිසානායක සහ එහි ලේකම් වෛද්‍ය සංජීව තල්ගහගොඩ මහත්වරු කියති.

