හොර වැඩක් කැර පොලිසියේ නවතී


ජනපති ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් මහනුවර ධර්මරාජ විදුහලට දරුවකු ඇතුළු කිරීමට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ගත්තැයි කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව විශේෂ පොලිස් කණ්ඩායමක් කියයි. කථිකාචාර්යවරයකු ද ලේකම්වරයකු ද ලෙස පෙනී සිටි ඔහු කලක් මහණ වී සිටි බව ද පොලිසිය පවසයි.