හොර ලේබල් සමග අරක්කු වෙළෙඳ පොළේ


(රංජන් කස්තුරි)

අරක්කු බෝතල්වල ප්‍රමිතිය ආරක්ෂා කිරීමට හඳුන්වා දුන් ආරක්ෂිත ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය ඒවා ඇලවූ  අරක්ක් බෝතල් ලක්ෂ ගණනක් මේ වන විට වොළෙඳපොළට නිකුත් වි ඇතැයි ද සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කියයි.

මැත්පැන් නිෂ්පාදකයන් සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක්  මෙම ජවාරම පිටුපස සිටින බව ද ඒ මහතා පෙන්වා දෙයි. 

ව්‍යාජ ස්ටිකර් මුද්‍රණය කර අරක්කු බෝතල්වල අලවා පාරිභෝගියන් නොමග යැවුවද ඊට අදාල පරීක්ෂණ යට ගැසීමට සුරාබදු  දොපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක් කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.