හොර ලයිසන් තිප්පොළක් වටලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ව්‍යාජ රියදුරු බලපත්‍ර සකසා මුදලට අලෙවි කිරීමේ යෙදුණු බොරලැස්ගමුව වේරහැර ස්ථාන දෙකක් වටලා ව්‍යාජ රියදුරු බලපත්‍ර තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

එම සැකකරුවන් දෙදෙනා සමග ව්‍යාජ රියදුරු බලපත්‍ර 11 ක් , ව්‍යාජ තාවකාලික රියදුරු බලපත්‍ර 70 ක් , තාවකාලික රියදුරු බලපත්‍රවලට යොදන ස්ටිකර් 10 ක් , මොනිටරයක් , ලැෆ් ටොෆ් පරිගණකයක් හා , රබර් මුද්‍රා 04 ක් පොලිස් භාරයට ගෙන ඇත.

බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකසා මුදලට අලෙවි කරන ස්ථාන දෙකක් කාලයක් තිස්සේ රහසිගතව පවත්වාගෙන යන බවට නුගේගොඩ කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. ජි. ජේ. කහටදෙනිය මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.