වසරක් සඳහා වලංගු තාවකාලික රියදුරු බලපත්‍ර හොරට ගසා විකිණූ බව කියන තිදෙනෙක් පොලීසිය විසින් බණ්ඩාරගම මිල්ලනිය ඔකන්දූවේදී අත්අඩංගුවට ගනු ලැබූහ.
රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තු විශ්‍රාමිකයකු (66) වූ මොහු ත්‍රීරෝද රියදුරකු හා එක්ව මේ ජාවාරම කර ඇතැයි පොලීසිය සැක කරයි.
ඔහු රුපියල් අට දහසකට විකුණන හොර අවසර පත්‍රය රියදුරකු අතට පත් වන විට රුපියල් 20,000ක් පමණ වෙතියි ද කියති.
කළුතර මෝටර් රථ පරීක්ෂකගේ නිල මුද්‍රාවද ව්‍යාජ ලෙස තබා, ආබාධිතයනට පවා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇතැයි පොලීසිය පවසයි.
ඇසක් නොපෙනෙන යතුරුපැදියකරුවකු ළඟ තුබූ එවැනි බලපතක් සෝදිසි කරද්දී ඇති වූ සැකයෙන් මෙම වැටලීම සිදු විය.