හොර රහසේ විවාහ වූ යුවී, හසීල්


2016-09-27-ent-06

මීට මාස කිහිපයකට පෙර අප්‍රසිද්ධියේ සිය විවාහ ගිවිසුම සිදුකරගත් ජනප්‍රිය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං හා බොලිවුඩ් සිනමා නිළි හසිල් කේච් සැප්තැම්බර් 24 වැනිදා පැවති "කපිල් විත් කොමඩි" රියැලිටි වැඩසටහන සඳහා එක් වුණා. විවාහ ගිවිසුමෙන් පසුව ඔවුන් දෙදෙනා පළමු වතාවට පෙනී සිටි රූපවාහිනි වැඩසටහන මෙය වූ බැවින් බොහෝ පිරිසකගේ උනන්දුව මෙම වැඩසටහන නැරඹීම සඳහා යොමුව තිබුණා.

මෙම වැඩසටහනට එක්වෙමින් යුවරාජ් මෙන්ම හසීල්ද සිය ප්‍රේම සම්බන්ධය ආරම්භ වු හැටි මෙන්ම අප්‍රසිද්ධියේ සිය විවාහ ගිවිසුම සිදු කරගැනීම දක්වා පවසන්නට වූ අතර, සිය විවාහය ඉතා ඉහළින් ගැනීමට තීරණය කොට තිබෙන බවද එහිදී ඔවුහු පවසා සිටියා.

යුවරාජ් සිං, හසීල්ට පෙර කිම් ෂර්මා, දිපීකා පදුකෝන් වැනි බොලිවුඩ් සිනමා නිළියන් කිහිප දෙනෙකු සමගින් පෙමින් වෙළි සිටි අයෙක්. හසීල්ට මහා බ්‍රිතාන්‍යයේ උපත ලැබූ මෝස්තර නිරූපිකාවකද වන අතර, ඇයගේද වසර කිහිපයක් පැරණි ප්‍රසිද්ධ ප්‍රේම සම්බන්ධයක් තිබුණ බව දැන ගැනීමට ලැබෙනවා.

 

2016-09-27-ent-05