සොරාගන්නා යතුරුපැදිවලට අලුත් චැසි හා එන්ජින් අංක කොටා විකිණු බව කියන ගරාජ හිමියකු හා තරුණයකු විසින් සොරාගන්නා ලදැයි කියන යතුරුපැදි 22 ක් සමඟ අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.
මොටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධරයකු හා දැනට සේවයේ යෙදී සිටින නිලධරකු මෙම ජාවාරමට සම්බන්ධදැයි සොයා බලන බව පොලිසිය කියයි.



