ඔහු හිටපු හමුදා ප්‍රධානියෙකි. ලතින් ඇමරිකාවේ ජනප්‍රිය අගනගරයක තානාපතිවරයෙකි. බොහෝ දෙනා ඇදීයන වෙරළක්ද එහි ඇත්තේය. කොළඹින් යද්දී ඔහුට විදේශ අමාත්‍යංශය උපදෙස් දුන්නේ ගුවන් මගින් එම නගරයට යන ලෙසයි. ඒ වෙනුවට ඔහු කළේ හමුදා බොඩි ගාඩ්ලා දෙන්නාද සමග කාරයකින් ගමන් කිරීමයි.
අවිගත් පල් හොර මුලක් අතරමගදී වාහනය නතර කළාලු. ඔහුගේ සේසතම අතගාගත්තාලු. ආරක්ෂකයන් දෙන්නාට නැතිවීමට කිසිත් ළඟ තිබුණේ නැතිලු. ඔවුන්ගේ පඩිය රුපියල් වලින් ගෙදරට ලැබෙන නිසාලු.
‘කිව්වා නාහන ගුරු උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි‘ යනුවෙන් ඔහුගේ ප්‍රධානීන් කියනවාලු.

