හොර මුද්‍රණ යන්ත්‍රයක් අල්ලයි


ලොතරැයි ටිකට් හොරට මුද්‍රණය කළ බව කියන පරිගණකයක්   හා මුද්‍රණ යන්ත්‍රයක් පැපිලියානෙන් අත්අඩංගුවට ගත් බව ගම්පහ විශේෂ විමර්ශ අංශය කියයි.

ලොතරැයි දිනුම් ඇදීම රූපවාහිනියෙන් නිකුත් කිරීමත් සමඟ   රුපියල් 10,000 වන දිනුම්වල අංක හොරට ගලපා මුද්‍රණය කර ලොතරැයි නියෝජිතයන්ගෙන්  මුදල් ලබා ගෙන ඇතැයි පොලිසිය සැක කරයි.