හොර බලපත් වලින් දැව කදන් ගෙන ගිය 5ක් අල්ලයි


(සමන් පාලිත නානායක්කාර )

ව්‍යාජ ලෙස සැකසූ බලපත්‍රයක් භාවිතා කරමින් දියතලාව සිට මොරටුව දක්වා රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුත් කරපන්ටයින් වර්ගයේ දැව කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි  රථයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අද( 17 ) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලොරි රථයේ රියදුරු එහි සහායක සහ ව්‍යාජ බලපත්‍රය සකස්කළ බව කියන  පුද්ගලයින් ඇතුළු කණ්ඩායමකි. 

 රාජ්‍ය දැව සංස්ථාවේ සහාය ඇතිව දැව බලපත්‍රය පරීක්ෂා කරනු ලැබූ අතර එය ව්‍යාජ එකක් බවට තහවුරු  කරගෙන තිබේ. 

සැකකරුවන් කැප්පෙටිපොළ, මොරටුව, බණ්ඩාරගම, කටුකුරුන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය කියයි.