ව්‍යාජ රියදුරු බලපත් හදන තැනක් මහරගම ඇරැව්වලින් සොයාගත් බව පොලිසිය කියයි. සැකකරුවෝ පස් දෙනෙක්ද අත් අඩංගුවට ගනු ලැබූහ. වව්නියාවේ හා බේරුවල ඇතැම් ජන කොටස් වෙනුවෙන් රුපියල් 15,000 ගණනේ හොර රියදුරු බලපත් නිකුත් කර ඇතැයි පොලිසිය පවසයි.
හොර රියදුරු බලපත් 5 ක් ද ඒවා නිෂ්පාදනය කිරීමට යොදාගත් පරිගණක ඇතුළු උපකරණ රැසක් සොයා ගෙන ඇත.

