උඩහමුල්ල නඩුකාර වත්තේ දී දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ වාහනයේ ලාංඡනයක් දින එකොළහකට පෙර සොරා ගත් බව කියන සිසුහු දෙදෙනෙක් ව්‍යාපාරිකයකුගේ රහස් කැමරාවේ උදව්වෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
කොළඹ හා මහරගම පාසල් දෙකක හත් වැනි පන්තියේ මේ සිසුන් දෙදෙනා සමග පියෙක් ද නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
පියා අත්අඩංගුවට ගත්තේ හොර බඩු ළඟ තබා ගත්තැයි කියමිනි.
රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප මත මුදා හළ ඔවුන් ලබන 14 වැනිදා අධිකරණයේ පෙනී සිටිය යුතු යැයි ද වැඩ බලන මහේස්ත්‍රාත් නියෝග කළේය.