සොරබඩු ගැනීම සඳහා මාංචු පිටින් පොලිසිය සමඟ ආ සැකකරුවකු ජාඇළ දී දඬුගම් ඔයට වැටී ඇතී ඇතැයි, ඔහු සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම්කරුවන් කැඳවා ඇතැයි ද පොලිසිය කියයි.
හලාවත පදිංචිකරුවකු කියන මොහු පාදුක්කේ ගෙදරකින් සොරකම් කළැයි කියන භාණ්ඩ පෙන්වීම සඳහා අයිතිකරුගේ රියෙන් පොලිසිය සමඟ යද්දී බඩු පෙන්වන බව කියා ඔයට පැන්නේ දැයි සැකයක් මතුවන බව පොලිසිය පවසයි.

