පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීමේදී වංචා සිදුවූ බව කියන ජාතික පාසල් 15ක ලිපි ලේඛන අමාත්‍යංශය වෙත ගෙන්වාගෙන මූලික පරීක්ෂණ අරඹා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක් මෙන්ම මහනුවර පාසලක් ද ඒ අතර වන බව එම ආරංචි මාර්ග පවසයි. කොළඹ රාජකීය විද්‍යාලයයේ අක්‍රමිකතා කළැයි කියන සිද්ධිය ගැන මූලික පරීක්ෂණයකින් පසු ඊයේ (26 වැනිදා) අට දෙනෙකකුගේ වැඩ තහනම් කරනු ලැබිණ

