හොර නෝට්ටු තබාගෙන රිමාන්ඩ් වේ


රුපියල් දහසේ සොර නෝට්ටු හතරක් ළඟ තබා ගත් බව කියන සිෆාඩ් මොහොමඩ් ජූනි 07 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

වැඩිදුර පරීක්ෂණ රහස් පොලීසියෙන් කරන බවත්, ඔහුට එම මුදල් ලැබුණු ආකාරය සොයා බලන බවත් පොලීසිය අධිකරණයට දැන්වීය.