රත්නපුර කරංගොඩ පෞද්ගලික ඉඩමකින් බලපත් රහිතව කපා ඉවත්කළ නැදුන් ගස් විසිතුනක් සම්බන්ධ නඩුවේ තීන්දුව ලැබෙන තෙක් එම දැවතොගය රාජ්‍ය දැව සංස්ථාව භාරයේ තබන ලෙස රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා නියම කළේය. මෙම නඩුව මැයි මස 02 දිනට කල් තැබිණ.
සමනල ස්වභාවරක්‍ෂිතයේ ස්ථානභාර අඩවි ආරක්‍ෂක නිලධාරී චමත් ලක්‍ෂමන් පෙරේරා මහතා විසින් මෙම නඩුව පවරා ඇත.
කුරුවිට තෙප්පනාව මැදගම වයි. ඕ. අමරවර්ධන සැකකරුවාය.
වනසත්ව හා වෘක්‍ෂලතා ආඥා පනතේ 32 (අ) 01 වගන්තිය යටතේ බලපත් රහිතව මෙම නැදුන් ගස් කපාදැමීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ඔහුට චෝදනා ගොනු කර ඇත. නැදුන් ශාක ශ‍්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ රත්නපුර ප‍්‍රදේශයේ පමණක් බහුලව දැකිය හැකි ශාක විශේෂයක් වන අතරම එය ජෛව පාරිසරික තුලනයේදී පසේ තෙතමනය ර\ පැවත්මට බෙහෙවින් උපකාරීවන ප‍්‍රබල ස්වභාවික ආධාරකයක් බවද නැදුන් ගසක ඵලදායී ආයු කාලය වසර සියගණනක් පවතින බවද මේ පිලිබඳව අධිකරණයදී කළ කරුණු දැක්වීමේදී ස්ථාන භාර අඩවි ආරක්‍ෂක පැවසුවේය.

