එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ත්‍යාග මුදලක් ලැබී ඇති බව පවසා අන්තර්ජාලය ඔස්සේ මිනිසුන් රවටා මුදල් වංචා කළැයි කියන අකින්ෂෝලා හකිම් ඔලානියා නමැති නයිජීරියා ජාතිකයා ජූලි දෙවැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
අම්බලංගොඩ-තිලකපුර පදිංචිකාරියක වන කේ එච් දිල්රුක්ෂි මහත්මිය රහස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඉකුත් 14 වැනි දින මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු රුපියල් ලක්ෂ 17ක් වංචා කර ඇතැයි ද ඔහුගේ මුදල් ඇති ගිණුම් හතක් පරීක්ෂා කිරීමට නියමිත බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.

