අපරාධ 16කට සම්බන්ධ තිදෙනෙක් පාදුක්කේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඉන් දෙදෙනකු මේ වසරේ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පැන ගිය අය වන අතර එක් අයකු පොලිසියෙන් නෙරපූ කොස්තාපල්වරයෙකි.
බන්ධනාගාර නිලධාරියකුගේ සමීප නෑයෙකු ඔවුනට රැකවරණය දී ඇතැයි කියති.
යතුරුපැදි දෙකකින් යද්දී ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ.
හිරෙන් පැන මාස පහක් ඇතුළත රුපියල් කෝටියකට අධික බඩු භාණ්ඩ සොරකම් කර ඇතැයි පොලීසිය කියයි.