දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් තේක්ක උළුවහු හා ලෑලි තොගයක් කොට්ටාවට රැගෙන ඒමට පෞද්ගලික බස් රියදුරකු ගත් උත්සාහයක් වළක්වා රියදුරා හා කොන්දොස්තර බසයද සමග ගොඩගම පිවිසුමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කටුවන සිට ආ මෙම බසය ගොඩගම පිවිසුමේ අයකැමි කවුන්ටරය අසල කණුවක ද වැදී අලාබ සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
මෙම බස් රථයේ පිටුපස වීදුරුවේ ‘අපි යක්කුන්ටත් කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා‘ යනුවෙන් වැකියක්ද සඳහන්ව තිබිණි.






