ශ්‍රි ලංකන් ගුවන් සේවයේ හොර ගුවන් ටිකට් පත් විකුණමින් මගීන් සිය ගණනක් අපහසුතාවයට පත් කළ ඉතාලියේ ශ්‍රි ලාංකික හොර එජන්සි කරුවන් කිහිප දෙනාගේ ශ්‍රි ලංකන් ගුවන් සේවය සමග ඇති නියෝජිත භාවය අහෝසි කිරිමට තමා මැදිහත් වන බව ශ්‍රි ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා එසැණට පැවසීය.
‘මගීන්ට සිදුවූ දේ ගැන ඇත්තටම කනගාටු වෙනවා. මේ ගැන අපට කළ හැකි හැම දෙයක්ම කරනවා. මේ වනවිට අපේ රෝම ශ්‍රි ලංකා ගුවන් ගමන් ඉතාමත් හොද තත්වයකට ඇවිත්. ඒ පිළිබදව ස්තුති වන්ත වෙන්න ඔනෑ ඉතාලියේ ඉන්න ශ්‍රි ලාංකිකයින්ට වගේම හොර බොරු නැතිව ගුවන් ටිකට් පත් අලෙවි කරන වෙළෙද නියෝජිතයන්ට.‘
ඇතැම් ගුවන් සේවිකාවන් මගීන්ට දක්වන අඩු සැලකිල්ල ගැන එසෑණ කළ විමසීමේදි ඒ මහතා මෙසේ කීවේය.
‘ ගුවන් සේවිකාවන්ගේ ප්‍රධාන වගකීම තමයි මගීන්ට නිසි ආකාරයෙන් සැලකීම. මගින්ට හොදට නොසලකන ගුවන් සේවිකාවන් ඉන්නවා නම් ඒ ගැනත් මම අනිවාර්යෙන්ම සොයා බලනවා.‘
ඉතාලියේ ශ්‍රි ලංකන් ගුවන් සේවයේ කළමනාකරු ලලිත් පිරිස් මහතා කියා සිටියේ ශ්‍රි ලංකන් ගුවන් සේවයේ දියුණුව උදෙසා එසෑණ පල කළ වාර්තාවලින් සාර්ථක ප්‍රථිපල ලැබි ඇති බවයි.
ඔනෑම ආයතනයකින් මිලදි ගන්නා ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ටිකට් පතක නිවැරදි භාවය තහවුරු කර ගැනිමට 06 42045306 / 06 48771351 දරන දුරකථන අංකයෙන් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ රෝම කාර්යාලයටත් 02 88551701න් මිලානෝ කාර්යාලයත් කතා කිරිමෙන් දෑන ගත හැකි බවත් ඔහු කීවේය.