හොර ඡන්ද මගඩියක් ගැන එජාපය කියයි


එතෙර ගිය ශ්‍රී ලාංකිකයන් ඇතුළු පිටරට රැකියා කරන අයගේ ජාතික හැඳුනුම්පත්වල පින්තූර වෙනස්කර ලක්ෂ 3 ක පමණ හොර ඡන්ද දැමීමට සැලැස්මක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමගේ මහතා කන්තලේ පොදු අපේක්ෂක කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී පැවසීය.

එම උත්සාහය අසාර්ථක කිරීමෙ සඳහා රට රැකියා කරන අයගේ ලැයිස්තුවක් දින 10 ක් ඇතුළත මැතිවරණ කොමසාරිස්ට ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.